සුඩානය ගැන ඉන්දියාව සහ සෞදිය සාකච්ඡාවක

සුඩානය ගැන ඉන්දියාව සහ සෞදිය සාකච්ඡාවක

සුඩානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව ද දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සෞදියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල්-සෞද් සමග සුඩානය තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි

සුඩානයේ ගැටුම් අවසන් කිරීම සඳහා සෞදියේ  මතය අගය කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

ඊට සහය පළ කිරීම සඳහා සමීපව කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සෞදියේ විදේශ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුඩානයේ රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් අතර මේවනවිට දරුණු ගැටුම් පවතිනවා.

ගැටුම් නවතාලමින් දෙපාර්ශ්වය පැය 24 ක සටන් විරාමයකට එළඹි නමුත් එම සටන්විරාමය ද කඩවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුඩානයේ ගැටුම් හමුවේ මේවනවිට පුද්ගලයින් 200 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තවත් 2000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Share This