සුඩාන අර්බුදයට මැදිව සිටින කෙන්යානුවන් 3,000ක් එරටින් ඉවත් කර ගැනීමේ සූදානමක්

සුඩාන අර්බුදයට මැදිව සිටින කෙන්යානුවන් 3,000ක් එරටින් ඉවත් කර ගැනීමේ සූදානමක්

අවම වශයෙන් කෙන්යානුවන් 3,000ක් පමණ සුඩාන අර්බුදයට සිරවී සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය ඇල්ෆ්‍රඩ් මුටුවා සඳහන් කර තිබෙනවා.

කෙන්යානු රජය එරට ජාතික ගුවන් සේවයවන කෙන්යා එයාර්වේස් සමග සාකච්ඡා කරමින් සිටින බවත්, තත්ත්වය තරමක් දුරට සමනය වූ පසු කෙන්යානුවන් එරටින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සුඩාන අර්බුදය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකට පැමිණෙන ලෙස කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ කලාපීය නායකයින්ගෙන් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This