සුඩාන ගැටුම්වලින් ළමුන් මිලියන 13ක් පමණ පීඩාවට- නිවාසයක සිටි ළමුන් 67ක් මරුට

සුඩාන ගැටුම්වලින් ළමුන් මිලියන 13ක් පමණ පීඩාවට- නිවාසයක සිටි ළමුන් 67ක් මරුට

සුඩානයේ Khartoum අගනුවර පවතින සටන් අතරමැද ළමා නිවාසයක සිරව සිටි දරුවන් 300කට ආසන්න පිරිසක් මානුෂීය සේවකයන් විසින් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Khartoum අගනුවර පිහිටි Mygoma ළමා නිවාසයේ ළමුන් 67 දෙනෙකු මියයාමෙන් පසුව මෙම ඉවත් කිරීම් සිදු කර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම දරුවන් කුසගින්නෙන් සිටීම නිසා මෙන්ම විජලනය තත්ත්වයන් සහ ආසාදන හේතුවෙන් මිය ගිය බව විදෙස් මාධ්‍ය පවසනවා

Mygoma ළමා නිවාසයේ සහ අගනුවර පුරා ඇති අනෙකුත් ළමා නිවාසවල සිරවී සිටි තවත් ළමුන් 95 දෙනෙකුද ඉවත් කර  ගෙන තිබෙනවා

බොහෝ වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ භාරකරුවන්ට දරුවන් බලා ගැනීම සඳහා ළමා නිවාසයට පැමිණීම අනතුරුදායක වී ඇති බවයි පැවසෙන්නේ

එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් ආයතනය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සංවිධාන විසින් ළමයින් යුද කලාපයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ නමුත් එය පහසු නොවන බවයි

ළමුන් මිලියන 13 ක් පමණ ගැටුමෙන් පීඩාවට පත්ව ඇති බවට ගණන් බලා ඇති බව සුඩානයේ යුනිසෙෆ් හි නියෝජ්‍ය නියෝජිතවරිය පවසා තිබෙනවා

ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) සහ යුනිසෙෆ් ආයතනය සහ සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව Khartoum සිට බස් රථවලින් ළමුන් එම ප්‍රදේශවලින් ඉවත්කිරීම සඳහා කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This