සරණාගතයින්ට සරණක් වූ ගුවන්තොටුපළ

සරණාගතයින්ට සරණක් වූ ගුවන්තොටුපළ

සුඩානයේ ගැටුමෙන් පලා යන දහස් ගණනකගේ කඳවුරක් බවට Paloich ගුවන්තොටුපළ පත්ව තිබෙනවා

තෙල් නිධිවලට සේවය කරන කම්කරුවන් බොහෝ පිරිසක් එහි සිටින අතර ඔවුන්ට අවම පහසුකම්වත් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔවුන් සුඩාන දේශසීමාවේ සිට පැය හතරක කාලයකින් පසුව මෙහි පැමිණ ඇති නමුත් පිටව යා හැකි දිනයක් පිළිබඳව විශ්වාස නොමැති බවද සඳහන් වනවා

මෙම සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් එරිත්‍රියානු ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යුද්ධය ආරම්භ වීමට පෙර සුඩානයේ එරිත්‍රියානු සරණාගතයින් 136,000 කට වැඩි පිරිසක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්න්

සුඩානයේ ගැටුමෙන් පලා ගිය අනෙකුත් ජාතිකයන් වන කෙන්යානුවන්, උගන්ඩානු වැසියන් සහ සෝමාලිවැසියන් ඔවුන්ගේ රජයන් විසින් ආපසු ගෙන්වා ගෙන ඇති නමුත් Paloich හි සිරවී සිටින බොහෝ එරිත්‍රියානුවන් පවසන්නේ ආපසු තම රටට යාමට අකමැති බවයි.

මේ අතර එරිත්‍රියාව ඇතුළු සියලුම විදේශ තානාපති කාර්යාලවලට අමතා ඔවුන්ගේ පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීම සහතික කර ගත් බව දකුණු සුඩානයේ වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය Deng Dau Deng බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

නමුත් එරිත්‍රියානුවන්ගේ තත්ත්වය සංකීර්ණ වී ඇත්තේ බොහෝ පිරිසක් ආපසු එරටට යාමට අකමැත්ත පළ කිරීමත් ඔවුන් තානාපති කාර්යාලය සමග සම්බන්ධ වීමට අකමැතිවීම බවත් දකුණු සුඩානයේ වැඩ බලන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා

Share This