සුදාට එරෙහිව මනූෂ අධිකරණයට

සුදාට එරෙහිව මනූෂ අධිකරණයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

සුදත්ත තිලකසිරි මහතා විසින් පවත්වාගෙන යනු ලබන YouTube නාලිකාවක පළ කරන ලද වැඩසටහනක් මඟින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර ඇති බව සඳහන්.

මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This