සුන්බුන් අතරින් ජීවිත සොයන මෙහෙයුම් නවතී -44,000කට දිවි අහිමි කළ භූකම්පනයට පසු ගත් පියවර

සුන්බුන් අතරින් ජීවිත සොයන මෙහෙයුම් නවතී -44,000කට දිවි අහිමි කළ භූකම්පනයට පසු ගත් පියවර

භූමිකම්පාව සිදුවී සති දෙකකට පමණ පසු තුර්කිය පළාත් දෙකක හැර සෙසු ප්‍රදේශවල ගලවා ගැනීමේ උත්සාහයන් අවසන් කර ඇති බව එරට ආපදා ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

කහරමන්මාරස් සහ හැටේ යන ප්‍රදේශවල සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි එම නියෝජිතායතනයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ.

සුන්බුන් අතරින් ජීවතුන් අතර සිටින අය සොයා ගැනීමේ බලාපොරොත්තු වේගයෙන් වියැකී යමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තුර්කියට පැමිණ මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 100ක ප්‍රමාණයක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ගිනිකොනදිග තුර්කියේ සහ උතුරු සිරියාවේ පුද්ගලයන් 44,000කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ.

තුර්කියේ මහල් නිවාස 345,000 ක් පමණ විනාශ වී ඇති අතර බොහෝ පුද්ගලයින් තවමත් අතුරුදහන් වී ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This