සුනාමි රළ නැගෙනහිර රුසියාවට,ජපානය සහ හවායි වලට පහර දෙයි (VIDEO)

සුනාමි රළ නැගෙනහිර රුසියාවට,ජපානය සහ හවායි වලට පහර දෙයි (VIDEO)

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇති වූ රික්ටර මාපක 8.8 ක ප්‍රබලතම භූ කම්පනයෙන් පසුව ජපානය, හවායි සහ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ ඇතැම් ප්‍රදේශවල ජනයා ඉවත් කිරීම් ආරම්භ කර තිබෙනවා.

රික්ටර් මාපකයේ 8.8 ක භූමිකම්පාව ඈත පෙරදිග රුසියාවට බලපෑ අතර, මේ වනවිට සුනාමි තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ මීටර් 3-4 (අඩි 10-13) ක් උස සුනාමි රළ වාර්තා වී ඇති අතර උතුරු ජපානයේ හොක්කයිඩෝ හි නගරයකට අඩියක් පමණ උසට රළ පහරක් එල්ල වී තිබෙනවා.

හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉවත් කිරීමේ නියෝගවලට අවනත වී සන්සුන්ව සිටින ලෙසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට සුනාමි අනතුරු ඇඟවීම් සඳහා අවදියෙන් සිටින ලෙසට උපදෙස් දී තිබෙනවා.

චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, ගුවාම්, පේරු සහ ඉක්වදෝරයට ඔබ්බෙන් පිහිටි ගැලපගෝස් දූපත් වල සමහර ප්‍රදේශවලට ද විවිධ මට්ටම්වල සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

සුනාමි රළ “මේ වන විට හවායි වෙත බලපෑම් කරමින්” ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය යාවත්කාලීන කිරීමක සඳහන් කරනවා.

“ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා හදිසි පියවර ගත යුතුයි,” සුනාමි රළ පැය ගණනක් පැවතිය හැකි බවට අනතුරු අඟවමින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

Share This