සුපිරි ජයක් ලැබූ Lyca’s Jaffna Kings

සුපිරි ජයක් ලැබූ Lyca’s Jaffna Kings

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් හිමි කර ගැනීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා තරගය පන්දුවාර 7කට සීමා වූ අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් Kandy Falcons කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ නායක චරිත් අසලංක පන්දු 09කින් ලකුණු 26ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් ඇතුළත් වුණා.

Share This