සුපිරි ටෙනිස් තරුව ටෙනිස් රැකට්ටුව අතහැර යුක්රේනය වෙනුවෙන් ගිනි අවිය අතට ගනී
අඛණ්ඩව 24 වැනි දිනටත් රුසියානු හමුදා යුක්රේනයේ දියත් කරන මෙහෙයුම් දරුණු වෙමින් පවතින අතර එරට මරියුපෝල් නගරය බිඳ වැටීමට ඉතා ආසන්න බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
යුක්රේනයේ හමුදා බලය අඩපණ කිරීමේ අරමුණින් රුසියානු හමුදා දියත් කර තිබෙන මෙහෙයුම් තවදුරටත් දරුණු මුහුණුවරක් ගනිමින් ඇති බව වාර්තා වනවා.
අඛණ්ඩව 24 වැනි දිනටත් ක්‍රියාත්මක මෙම මෙහෙයුම්වලින් මේ වන විට යුක්රේනයේ කියෙව් අගනගරය මෙන්ම ලිවිව් සහ මරියුපෝල් නගරවල ස්ථාන බොහොමයක් දැඩි ලෙස හානියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම දරුණු ගැටුම් පවතින මරියුපෝල් නගරය මේ වන විට යුක්රේන හමුදාවන්ගෙන් ගිලිහී යන තත්ත්වයක් පෙන්නුම් කිරීම තුළ ඉතා ඉක්මනින් එම ප්‍රදේශය රුසියානු හමුදා පාලනයට නතුවීමේ හැකියාව ඇති බවයි පැවැසෙන්නේ.
මේ අතර යුක්රේනයේ මෙහෙයුම් සඳහා දිනෙන් දින එකතු වන විදෙස් ජාතිකයින් සංඛ්‍යාව ද ඉහළ යමින් තිබෙන බව වාර්තා වන අතර එරට ටෙනිස් ක්‍රීඩක සර්ජි ටැකොව්බ්ස්කී ටෙනිස් රැකට්ටුව අතහැර අවි අතදරා කියෙව් අගනගරයේ මෙහෙයුම් සඳහා එක්ව සිටින ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම යුද ගැටුම් හේතුවෙන් යුක්රේනය අතහැර පළායමින් සිටින ලකෂ සංඛ්‍යාත සිවිල් වැසියන් තවදුරටත් දේශසීමාවන්හි රැඳී සිටින බවයි වාර්තා වන්නේ.