සුපිරි නළු ඩැනී මාස්ටර්සන් ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

සුපිරි නළු ඩැනී මාස්ටර්සන් ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

ලොස් ඇන්ජලීස් හි ජූරි සභාවක් විසින් එක්සත් ජනපද නළු ඩැනී මාස්ටර්සන් ස්ත්‍රී දූෂණ චෝදනා තුනෙන් දෙකකට වැරදිකරු බවට තීන්දු කර තිබෙනවා.

රූපවාහිනී කතා මාලාවක් වන That 70’s Show හි රඟ දැක්වූ ඩැනී මාස්ටර්සන්ට වසර 30ක සිර දඬුවම් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2001 සිට 2003 කාලය තුළ ඔහුගේ හොලිවුඩ් නිවසේදී ලිංගික අතවර කළ බවට Church of Scientologyහි හිටපු කාන්තාවන් තිදෙනෙක් චෝදනා කළා.

කාන්තාවන් අතවරයට ලක්කිරීමට පෙර ඔවුන්ට ඩැනී මාස්ටර්සන් විසින් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට ජූරි සභාවට සාක්ෂි ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This