සුබ පැතුමක් අතරේ ‘එක්සත් ජනපදයෙන්’ ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩයකුත්

සුබ පැතුමක් අතරේ ‘එක්සත් ජනපදයෙන්’ ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩයකුත්

පසුගියදා අවසන් වූ මහ මැතිවරණයෙන් පසු නයිජීරියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ Bola Tinubuට සහ පුරවැසියන්ට එක්සත් ජනපදය විසින් සුබ පැතුම් එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත්, තාක්ෂණික ගැටළු මධ්‍යයේ මැතිවරණය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් ඇතැම් නයිජීරියාවේ පක්ෂ අතර පවතින කළකිරීම ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම තීරණාත්මක අවස්ථාවේදී ප්‍රචණ්ඩත්වය හෝ ප්‍රකෝපකාරී දේවල්වලින් වළකින ලෙසත් ඕනෑම ආරවුලක් නීතිමය මාර්ග හරහා විසඳා ගැනීමට උත්සාහ කරන ලෙසත් එක්සත් ජනපදය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

70 හැවිරිදි Tinubu මහතා 37% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලද නමුත් තෙවැනි ස්ථානයට පත් වූ කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පීටර් ඔබි, මෙම ප්‍රතිඵලයට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවට පවසා තිබෙනවා.

Share This