සුරතල් සතුන් නිසා ඇතිවූ ආරවුලකින් 2ක් මරුට – 6කට තුවාල(VIDEO)

සුරතල් සතුන් නිසා ඇතිවූ ආරවුලකින් 2ක් මරුට – 6කට තුවාල(VIDEO)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර්හිදී සුරතල් සුනඛයන් අතර ඇති වූ ගැටුමක් ඔවුන්ගේ අයිතිකරුවන් අතර ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් පසු සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා

බැංකුවක ආරක්‍ෂක නිලධාරියෙකු වූ Rajpal Singh Rajawat ඔහුගේ බැල්කනියේ සිට අසල්වැසියන්ට වෙඩි තැබීමෙන් මෙලෙස දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

සුරතල් සතුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් Rajpal Singh Rajawat සහ ඔහුගේ අසල්වැසියා වන 35 හැවිරිදි Vimal Amcha අතර රාත්‍රී 11 ට පමණ බහින්බස්වීමක් ආරම්භ වී ඇති අතර පසුව රජවත් ඔහුගේ පළමු මහලේ නිවසට දිව ගොස් බෝර 12 රයිෆලයක් භාවිතා කරමින් අම්චාට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ

Vimal Amcha සහ ඔහුගේ මස්සිනා වන 27 හැවිරිදි රාහුල් වර්මාට වෙඩි වැදීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා

Rahul Verma ගේ ගැබිණි බිරිඳ වන jyoti Verma තුවාල සිදුවී ඇති අතර ගැටුම ඇති වන විට පාරේ සිටි තවත් හය දෙනෙකුට ද වෙඩි වැදී තුවාල සිදුවී රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ

ඉන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා

Rajawat, ඔහුගේ පුත් සුධීර් සහ තවත් ඥාතියෙකු වන ශුභම් අත්අඩංගුවට ගෙන් ඇති අතර Rajawatට එරෙහිව මිනීමැරුම් නඩුවක් පවරා ඇති බවද පොලිසිය පවසනවා

 

Share This