සුරාබදු බලපත්ර නිකුත් කිරීම ගැන රනිල්ගේ කාර්යාලයෙන් නිවේදනයක්
නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්ර නිකුත් කිරීමේදී රජය කිසිඳු මුදලක් අය නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ වන වොටත් ඍජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්රවණතාවයක් පෙන්නුම් කරමින් තිබූ බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.
රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩඒම සඳහා සුදුසු පියවර ගන්න ලෙස පාර්ලිමේන්තු ක්රම සහ විධි කාරක සභාව ඒ වන විට රජය වෙත දැනුම් දී තිබූ බව සඳහන්.
ඒ අනුව ඍජු බදු සීඝ්ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩි කර ගැනීමට මුදල් අය කර සුරාබදු බලපත්ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්……..