සුළි කුණාටුවකට හසුවූ ධීවරයින් 9ක් මිය ගිය බවට සැකයක් – ඉන්දුනීසියානු ධීවරයින් 11ක් බේරා ගැනේ

සුළි කුණාටුවකට හසුවූ ධීවරයින් 9ක් මිය ගිය බවට සැකයක් – ඉන්දුනීසියානු ධීවරයින් 11ක් බේරා ගැනේ

ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් වූ කුඩා දූපතක දින හයක් ආහාර හෝ ජලය නොමැතිව සිටි ඉන්දුනීසියානු ධීවරයින් 11 දෙනෙකු බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් අය බටහිර ඕස්ට්‍රේලියාවේ බෲම් නගරයට බටහිර දෙසින් කිලෝ මීටර් 330 පමණ දුරින් පිහිටි බෙඩ්වෙල් දූපතේ සිට ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගිය බව එරට සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පවසනවා

නමුත් තවත් නව දෙනෙකු මිය ගොස් ඇති බවට සැක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිවි ගලවා ගත් අය සඳහන් කරන්නේ ඔවුන්ගේ බෝට්ටු දෙකෙන් එකක් පසුගිය සතියේ නිවර්තන ඉල්සා සුළි කුණාටුවට හසු වීමෙන් ගිලී ගිය බවයි.

බේරා ගැනීමෙන් පසු මොවුන්ව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර තිබෙනවා

Share This