සුළු අපනයන බෝග ඇතුළු කුළුබඩු වර්ග සෘජුවම අපනයනය කිරීමට වගාකරුවන්ට අවස්ථාව

සුළු අපනයන බෝග ඇතුළු කුළුබඩු වර්ග සෘජුවම අපනයනය කිරීමට වගාකරුවන්ට අවස්ථාව

සුළු අපනයන බෝග ඇතුළු කුළුබඩු වර්ග සෘජුවම අපනයනය කිරීමට එම බෝග වගාකරුවන්ට ඉදිරියේදී අවස්ථාව සලසා දෙන බව වැවිලි කර්මාන්ත හා මහවැලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා

සුළු අපනයන බෝග හා කුළුබඩු වර්ග අපනයනය කිරීමේදී අතරමැදියන් විසින් අසාමාන්‍ය ලෙස ලාභ ලබාගන්නා බව පැවසූ වැවිලි කර්මාන්ත හා මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දැනට සැලසුම් කර ඇතැයිද සඳහන් කළා

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළමු නිරීක්ෂණ චාරිකාව සඳහා උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට පැමිණි අවස්ථාවේදීයි

 

Share This