සුළු හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න – සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කළ නොගතහොත් අතුරු ප්‍රභේද නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසුවේ මෙම තත්ත්වය මඟින් කොවිඩ් 19 රෝගය තීවෘ වීමේ හැකියාවද පවතින බවයි.
සුළු හෝ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.
කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමත් සමඟ මේ වන විට අසාධිතයින් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා.
දෛනිකව දහසේ සීමාව ඉක්මවා ආසාධිතයින් වාර්තා වන අතර හඳුනා නොගත් රෝගීන් පිරිසක් ද සමාජය තුළ සිටින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය අංශ පැවැසුවේ ඇතැම් ආසාදිතයින්ට රෝග ලකෂණ දක්නට නොලැබෙන අතර ඇතැම් ආසාදිතයින් යම් රෝග ලකෂණ පෙන්නුම් කළ ද ඒ පිළිබඳ නොසළකාහරින බවයි.