සූක්ෂම ලෙස සිදුකළ සොරකම (PHOTO)
වැල්ලවාය නගරයේ වැල්ලවාය ප්‍රධාන මංසන්ධිය ආසන්නයේ වෙළෙඳසැලක් අසළ නවතා තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර පලා යන ආකාරය අසළ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ වන විටත් මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.