සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා සහතික කර තිබෙනවා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය අත්සන යොදා සහතික කළා.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත සම්මත් වුණා.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරණ සූදු ක්‍රීඩා නියාමන පනත ලෙස බලාත්මක වනු ඇති.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද (44 වැනි අධිකාරය වූ) තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත ,( 46 වන අධිකාරය වූ සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිනිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිනිස වන පනතකි.

Share This