
සූර්ය පැනල බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700කට ළඟා වෙයි
දිවයින පුරා ස්ථාපිත වහල මත සවි කර ඇති සූර්ය පැනල භාවිතයෙන් ලබා ගන්නා බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700 දක්වා ළඟා වී තිබෙනවා
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පැවසුවේ මැයි 1වනදා වනවිට එම සීමාවට ළඟා වී ඇති බවයි
මෙම ප්‍රගතිය වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා මෙරට නිවාස, ව්‍යාපාර සහ ආයතනවල කැපවීම පිළිබිඹු කරන බවයි සඳහන් වන්නේ