සෙනගාලයේ විදේශ කොන්සල් කාර්යාල තාවකාලිකව වසා දමයි

සෙනගාලයේ විදේශ කොන්සල් කාර්යාල තාවකාලිකව වසා දමයි

නගර කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පසුව සෙනගාලය විදේශ කොන්සල් කාර්යාල තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පූර්වාරක්ෂාව පිණිස මෙම පියවර ගත් බවයි

විදේශ ගමන් බලපත්‍ර සාදන යන්ත්‍රවලට සහ හැඳුනුම්පත්වලට හානි සිදුවී ඇති අතර මිලාන්හි කොන්සල් කාර්යාලයට විශේෂයෙන් දැඩි ලෙස ප්‍රහාර එල්ලවීමෙන් හානි සිදුවී ඇති බවද එහි සඳහන් .

විපක්ෂ නායක Ousmane Sonko හට පසුගිය සතියේ වසර දෙකක සිර දඬුවමක් පැනවීමෙන් පසු මෙම ගැටුම් ආරම්භ වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ

සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ ආරක්‍ෂක තත්ත්වයන්ගේ දැනුම් දීම පරිදි කොන්සල් සේවා නැවත ආරම්භ කරන බවයි.

Share This