සෙරෙප්පු ඇණවුම ගැන විමසා වසර 06කට පසු කෝල් එකක් ඇවිත්

සෙරෙප්පු ඇණවුම ගැන විමසා වසර 06කට පසු කෝල් එකක් ඇවිත්

මීට වසර හයකට පෙර Flipkart හි ඇණවුමක් කළ මුම්බායි ජාතිකයෙකුට ඒ පිළිබඳ දැනුම් දීමට පෙරේදා (26) දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

Ahsan Kharbai නම් තරුණයා 2018 මැයි මාසයේදී Sparx සෙරෙප්පු යුගලයක් ඇණවුම් කළ නමුත් ඒවා මෙතෙක් ඔහුට ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔන්ලයින් විකුනුම් වේදිකාවක් වන Flipkartහි නිලධාරියෙක් වසර හයකට පෙර ඔහු ඇණවුම් කළ සෙරෙප්පු යුගලය ගැන විමසා තිබෙනවා.

එම සිදුවීම හාස්‍ය උපදවන කාරණයක් බවයි Ahsan විසින් xහි සදහන් කර ඇත්තේ.

ඔහු 2018 මැයි 16 වන දින රුපියල් 485 ක් වටිනා Sparx සෙරෙප්පු යුගලයක් ඇණවුම් කර තිබෙනවා.

ඇණවුම් විස්තර අනුව, සෙරෙප්පු අදාළ සමාගමෙන් බෙදා හැරීම සදහා නිකුත් කර ඇත්තේ 2018 මැයි 19 වන දිනයි.

කෙසේ වෙතත්, ඇණවුම 2024 වන තෙක් ඔහුට ලැබී නැහැ.

ඉතින් වසර 6 කට පසු Flipkart මගින් එම ඇණවුම ගැන විමසීම සිනහා උපදවන කරුණක් ලෙසයි තරුණයා සමාජ මාධ්‍ය වේදිකාවල සදහන් කර ඇත්තේ.

Share This