සෙවනගලත් – පැල්වත්තත් ප්‍රශ්න රැසක තිබුණ ද රජයට අඹමල් රේනුවක හැගීමක් නැතැයි විපක්ෂ නායකගෙන් චෝදනා
සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක් අක්‍රීය වී මාස 4ක් වුවත් අලුත්වැඩියා කර නොමැති බව සහ දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නිෂ්පාදන අංශයේ රික්ත උදුන් 4 න් 2ක් ඉවත් කිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට ගිය අවස්ථාවේදීයි.
අද මේ ගැටලු ගැන කතා කරන්නට ඇත්තේ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුල වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන තම පක්ෂය කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කියා සිටියා.
වත්මන් රජයට දැන් ගොවියාගේ – කම්කරුවාගේ දුක, කදුළ, වේදනාව නොතේරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් සදහන් කළා.
සෙවනගල මෙන්ම පැල්වත්තේ ද මේ ගැටලු ඇති බවත් අර්ථ සාධක නොගෙවීම, බැංකු ණය නොගෙවීම, ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මුදල් නිසි පරිදි නොගෙවීම සේවක වැටුප් නොගෙවීම ආදී ගැටලු රැසක්ද ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.