සොරකම් ජාලයකට සම්බන්ධ සැකකරුවන් පොලිස් දැලේ

සොරකම් ජාලයකට සම්බන්ධ සැකකරුවන් පොලිස් දැලේ

යක්කල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31,33 සහ 35 වයස්වල පසුවූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් මොවුන් විසින් ප්‍රදේශ කිහිපයකම සිදුකළ සොරකම්වලින් යතුරුපැදි 06ක් සොයාගෙන තිබෙනවා.

මෙහිදී එම සොරකම් කරන ලද යතුරුපැදි උපෝගී කරගෙන මෙම සැකකරුවන් විදින රන්මාල කොල්ලකෑම් ගණනාවක්ද සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මොවින් විසින් විවිධ ප්‍රදේශවලදී කොල්ලකන ලද රන්මාල 13ක් උකස් මධ්‍යස්ථාන වෙත උකස්කර තිබියදී සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශන තුළින් ඉහත අපරාධවලට අදාළව සොරබඩු සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු නුංගමුව හා පල්ලෙවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21,23 හා 37 වසවල පසුවන කුබල්ඔලුව හා පල්ලෙවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Share This