සෝමාලියානු මාධ්‍යවේදියෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුට

සෝමාලියානු මාධ්‍යවේදියෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුට

සෝමාලියානු කේබල් රූපවාහිනි අධ්‍යක්ෂකවරයෙකු හා මාධ්‍යවේදියෙකු වන Abdifatah Moalim Nur මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Nur මේ වසරේ සෝමාලියාවේදී ඝාතනයට ලක්වූ පළමු මාධ්‍යවේදියා බවයි එරට මාධ්‍ය නිරීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

අල්-කයිඩාවට සම්බන්ධ අල්-ෂබාබ් සටන්කාමී කණ්ඩායම කියා සිටියේ ඔවුන් Blue Sky අවන්හලට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවයි.

ජනාධිපති මන්දිරය ආසන්නයේ පිහිටි Blue Sky අවන්හලෙන් පිටත සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

සෝමාලියානු කේබල් රූපවාහිනියේ අධ්‍යක්ෂ Abdifatah Moalim Nur ඝාතනය කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් වන අතර එම ඝාතනයෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ බවයි සෝමාලියානු මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (NUSOJ) පවසන්නේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින Nur මීට පෙරත් තර්ජනවලට මුහුණ දුන් බව සෝමාලි මාධ්‍යවේදීන්ගේ සංගමය (SJS) සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This