සෝමාලියාවට බලපා ඇති හදිසි ගංවතුරෙන් දහස් ගණනකට පීඩා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

සෝමාලියාවට බලපා ඇති හදිසි ගංවතුරෙන් දහස් ගණනකට පීඩා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

සෝමාලියාවේ Jubbaland ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරින් ප්‍රදේශ රැසක දහස් ගණනක් ජනතාව සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය පවසනවා

පසුගිය මාසයේ ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන් Juba ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ප්‍රාන්තයේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතින බවයි එරට මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ .

Luuq දිස්ත්‍රික්කයේ, ජලයෙන් වට වූ ප්‍රදේශයක පුද්ගලයින් 2,400 ක් ගලවා ගැනීමට නොහැකිව සිටින බව වැඩිදුරටත් වාර්තා වනවා

ගංවතුර පවතින ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා

පසුගිය මාසයේ සිට සෝමාලියාවට ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 47,000 ක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සෝමාලියාවේ තොරතුරු අමාත්‍ය Daud Aweis පැවසුවේ ගංවතුර හේතුවෙන් Hirshabelle සහ නිරිතදිග ප්‍රාන්තවලට ද බලපෑම් එල්ලවී ඇති අතර විශාල හානියක් සිදුව ඇති බවයි.

 

Share This