සෝමාලියාවට සපයන අමෙරිකාවේ මිලිටරි ආධාර වැඩි කරයි

සෝමාලියාවට සපයන අමෙරිකාවේ මිලිටරි ආධාර වැඩි කරයි

අමෙරිකාව විසින් සෝමාලියාව වෙත සපයනු ලබන මිලිටරි ආධාර ප්‍රමාණය ඉහළ නංවා තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ සිට අල්-ෂබාබ් ත්‍රස්තවාදීන්ට එරෙහිව සෝමාලියාව විසින් මෙහෙයවන හමුදා ප්‍රහාරයන්ට සහය දැක්වීමේ අරමුණින් එරටට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අමෙරිකාව විසින් මොගඩිෂු අගනුවර වෙත ආයුධ සහ පතොරම් ටොන් 61 ක් පමණ එවා ඇති බව සඳහන්.

ආයුධ සහ පතොරම් කළමනාකරණය කරමින් සෝමාලියාව සිදු කරන යුධ මෙහෙයුමට තමන් සහය දෙන බැවින් රටවල් වෙත පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමට ඉඩ සලසන ලෙස අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා.

ඒ සෙසු ප්‍රමුඛ ආරක්ෂක හවුල්කරුවන් වන කටාර්, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය සමඟ වෙනම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්.

Share This