සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ වගකීම ගැන පැහැදිලි කරන ඇමති නලින්ද
සෞඛ්‍ය වෘත්තිකයින්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ අරමුණක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන්ම ලැබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සෞඛ්‍ය වෘත්තිකයින් සමග පැවති සාකච්ඡාවකදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඔවුන් සමග සාකච්ඡා කර මුහුණදෙන ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්රගමනය උදෙසා වෘත්තීය සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සඳහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව විශේෂ සාකච්ඡාමය වැඩසටහන් ක්‍රියාත්මක වන බව සඳහන්.
ඒ අනුව ගුණාත්මක සහ ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීම සඳහා වත්මන් රජය ගෙන යනු ලබන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සමිතිවල සහය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිබඳව අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.