
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක නිරත වූ 27 දෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් පිරිස අතර සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්වරයා හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සිටින බව සඳහන්
සැකකරුවන් අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ඊයේ (27) දිනයේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූ අතර මරදාන පොලීසිය මගින් සිදු කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණා