
සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිතටද? -දේශපාලන පිල් මාරුවක්-
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාට යළිත් වරක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ලබන සතිය වන විට ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව සඳහන්.
නුදුරේදීම සිදුවීමට නියමිත බව කියන සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු කිහිපයක ද වෙනසක් සිදුවනු ඇති බවයි දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.