සෞඛ්‍ය ප්‍රතිලාභ කපලා – චීන විශ්‍රාමිකයින් ආණ්ඩුවට එරෙහි සටනක

සෞඛ්‍ය ප්‍රතිලාභ කපලා – චීන විශ්‍රාමිකයින් ආණ්ඩුවට එරෙහි සටනක

සෞඛ්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට එරෙහිව චීනයේ විශ්‍රාමිකයින් නැවතත් වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශ්‍රාමිකයින්ට රජයෙන් ලබාදෙන වෛද්‍ය වියදම් කපා හරින බව පළාත් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසු පසුගිය පෙබරවාරි 8 වනදා වුහාන් හි පළමු විරෝධතාවය පැවැත්වුණා

විරෝධතාකරුවන් බොහෝ දුරට වයෝවෘද්ධ විශ්‍රාමිකයින් වන බවයි පැවසෙන්නේ.

චීනයේ වෛද්‍ය ක්‍රමය දැඩි විවේචනයට ද ලක්ව ඇති අතර කොවිඩ් හේතුවෙන් මියගිය අයගෙන් අතිමහත් බහුතරයක් වයෝවෘද්ධ අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This