සෞඛ්‍ය වැඩවර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය වැඩවර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වෘත්තීය සමිති 18ක් එක්ව ඊයේ (7) උදෑසන සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද  (8) දහවල් දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු සහ පිළිකා රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළ දැනට මෙම වර්ජනය ක්‍රියාත්මක කර නැතත්, තමන්ට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ස්ථානයන් හිද වැඩවර්ජනය ආරම්භ කරන්නට වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සෞඛ්‍ය ඇමතිවරයා හා බලධාරීන් ගැටලුවලට විසඳුම් නොදී සිටීම හේතුවෙන් වැඩවර්ජනයක් දක්වායාමට සිදුවූ බවත්

මීට දින තුනකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සමඟ ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එයින් විසඳුමක් නොලැබුණු බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

විසඳුමක් ලැබෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා හැර වෙන විකල්පයක් නැතැයි ද වැඩිදුරටත් සඳහන් කරනවා

Share This