සෞදි අරාබියේ කුමරියට වසර තුනකට පසු නිදහස

සෞදි අරාබියේ කුමරියට වසර තුනකට පසු නිදහස

වසර තුනකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරගත කර සිටි බස්මා බින්ට් සෞදි අරාබියේ කුමරිය නිදහස්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මානව හිමිකම් සංවිධානයක් ඊයේ (08) මේ බව තහවුරු කළ බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඇය සමඟ ඇයගේ දියණියට නිදහස හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යාමට සූදානම්ව සිටිය දී මෙම කුමරිය 2019 වර්ෂයේ මාර්තු මාසයේ දී සෞදි බලධාරීන් විසින් රඳවාගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් එවකට ලොව පුරා දැඩි කතාබහක් ඇතිකළ සිදුවීමක් බවට පත් වුණා.

කෙසේ වෙතත් ඇය රඳවාගෙන සිටින කාලය තුළ කිසිම අවස්ථාවක ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවයි අදාල මානව හිමිකම් සංවිධානය පැවසුවේ.

Share This