සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය අමාත්‍ය කුමාර ජයකොඩිට

සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය අමාත්‍ය කුමාර ජයකොඩිට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මෙම සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්කතානි මහතා ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

එහිදී සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මියයි.

 

Share This