
සෞදි සංවර්ධන අරමුදලේ නියෝජිතයින් හා ජනපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවැත් වුණා.
සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලය පැවසුවේ සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.
ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදල මෙහිදී එකඟ වී තිබෙනවා.
සෞදි සංවර්ධන අරමුදල දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව ජනාධිපති කාර්යාලය සදහන් කළා.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති ඛලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි , සෞදි සංවර්ධන අරමුදලේ ආසියානු මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සවුද් අයිද් ආර්. අල්ෂම්මාරි යන මහත්වරු ඇතුළු එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී තිබෙනවා.