ස.ජ.බ. – පුත්තලම මහ නගර සභාවේ සිය සභිකයකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

ස.ජ.බ. – පුත්තලම මහ නගර සභාවේ සිය සභිකයකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

පුත්තලම මහ නගර සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පුත්තලම මහ නගර සභාවේ එන්.එම්.එන්.නුසේකි සභිකයා ගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණඩාර මහතා ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ඔහු ක්‍රියා කර නැති බවයි.

Share This