
හජ් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.
ඇති නැති පරතරය දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි ඉස්ලාම් ආගමට අනුව සඳහන් වන්නේ.
ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීමයි.
ඉබ්බ්රාහිම් නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම ඉන් සංකේතවත් වනවා.
සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව, හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.
මේ අතර හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බවයි.
ඒ උතුම් වූ පරමාර්ථය මුල් කර ගනිමින් වසරක් පාසා මුස්ලිම් ජනතාව හජ් උත්සවය සමරන අතර ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමුහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙදින සිදු වන බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්.
ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව මාගේ විශ්වාසය වන බව පෙන්වාදෙන ජනාධිපතිවරයා එකම අරමුණක බැඳී මනුෂ්‍යත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට සියලුදෙනා එක්වන ප්‍රීතිමත් හජ් සැමරුමකට ශ්‍රී ලංකික මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාවට සුභාශීංසන එක් කර තිබෙනවා.