හත් දෙනෙකුට විෂ ශරිරගත වීමෙන් පසු එක්සත් ජනපදයේ ජපන් අවන්හලක් වැසෙයි

හත් දෙනෙකුට විෂ ශරිරගත වීමෙන් පසු එක්සත් ජනපදයේ ජපන් අවන්හලක් වැසෙයි

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සැන්ටා රෝසාහි පිහිටි ජපන් අවන්හලක  ආහාර ගනිමින් සිටියදී පාරිභෝගිකයින් හත් දෙනෙකුට විෂ ශරීරගත වූ බවට වාර්තා වීමත් සමග අවන්හල වසා දමා තිබෙනවා.

Nikko Japanese Steakhouse සහ Sushi Bar යන අවන්හල් ද මෙම මස මුලදී වසා දැමුවේ එහි ආහාර ගැනීමෙන් පසු තමන්ට අසනීප වූ බවට පාරිභෝගිකයින් කිහිප දෙනෙකු පැමිණිලි කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Santa Rosa County Sheriff’s Office විසින් ජූනි 10 වන දින පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය ආහාර වලට පැමිණියේ කෙසේද යන්න තවමත් සොයාගෙන නොමැති බවයි සඳහන් වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් Sheriff කාර්යාලය පවසන්නේ මේ වන විට විෂ ශරීර ගත වූවන් හත් දෙනෙකු හමුවී ඇති අතර සියලු දෙනාම මේ වන විට ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ආපනශාලා ජාලය පවසන්නේ තම පාරිභෝගිකයින්ට විෂ ශරීරගත වීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු නොවන බවයි.

අවන්හල වසා දමන බව නිවේදනය කරමින් එහි ෆේස්බුක් ගිණුමේ දීර්ඝ පණිවිඩයක් නිකුත් කර ඇත.

වසර දහයකට වැඩි කාලයක් ප්‍රජාවට සේවය කිරීමෙන් පසු, Niko Jappanesse Steak House වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැහැදිලි සමීක්ෂණයකින් පසුව නැවත විවෘත විවෘත කරන බවයි එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

Share This