
හදවත් රෝගී දරුවන් 50 ක් ඉන්දියාවට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවබෝධතා ගිවිසුමක්
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ දී අදාල හදවත් සැත්කම් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී මෙම හදවත් සැත්කම් සිදු කරන බවයි.
ඊට අදාල අවබෝධතා ගිවිසුමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් තැබුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී.නාගරාජා මහතා ඊයේ (10) දිනයේ දීයි.
බටහිර කොළඹ රොටරි සමාජය සහ බටහිර කෝචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය හරහා මෙම මුදල් සපයනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දහසකට අධික මෙරට ද්ෘවන් පොරොත්තු ලේඛනවල සිටින බවයි.
හදිසි හදවත් සැත්කම් පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
