හදිසියේම යුක්‍රේනයට ගිය Joe Biden

හදිසියේම යුක්‍රේනයට ගිය Joe Biden

අමෙරිකානු ජනාධිපති Joe Biden යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

පූර්ව දැනුම්දීමකින් තොරව අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර ඇත්තේ දිගු දුර ආයුධ පිළිබඳව තමන් Joe Biden සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක සහ යුක්‍රේනයට හමුදා සහාය ප්‍රකාශයට පත් කරනු ඇති බව ධවල මන්දිරය Joe Bidenගේ යුක්‍රේන සංචාරය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

Share This