හදිසියේ හටගත් ගින්නකින් නාවලපිටියේ දී ත්‍රිරෝද රථයක් විනාශයි

හදිසියේ හටගත් ගින්නකින් නාවලපිටියේ දී ත්‍රිරෝද රථයක් විනාශයි

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

ගිනිගත්හේන පොලිසිය පැවසුවේ ඊයේ (20) දින පස්වරු 5:30ට පමණ ගින්න හට ගෙන ඇත්තේ ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේදීයි.

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කරමින් සිටියදී ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් එක්වරම ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දැමුවද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණා.

ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ගිනිගත්හේන පොලිසිය පැවසුවේ ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි.

Share This