හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරයට පිටත් කර හැරීමට තීරණයක්

හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරයට පිටත් කර හැරීමට තීරණයක්

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන්වන මුලික සාකච්ඡාවක් අද (31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා

ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය කර තිබෙනවා

දෙරට අතර පවතින සමීප සම්බන්ධතාව සහ මියන්මාර් රාජ්‍යයට මානුෂිය ආධාර අවශ්‍යතාව සැලකිල්ලට භාජනය කරමින් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබාදීම සම්බන්ධව අවධානය යොමු කරමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ

Share This