හදුන් දිවියන් නිසා ලිඳුල ප්‍රදේශවාසීන්ට හිරිහැර

හදුන් දිවියන් නිසා ලිඳුල ප්‍රදේශවාසීන්ට හිරිහැර

ලිදුළ පොලිස් වසමට අයත් තලවකැලේ සෙන් කූම්ස් වතුයායේ රාත්‍රී කාලයේ නිවාස අසළ සැරි සරන හදුන් දිවියන් තමන් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් සහ කූඩු කර සිටින කුකුළන් ගොදුරු පිණිස රැගෙන යන බව එම වතුයායේ වතු කම්කරුවන් පවසනවා.

එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටින්නේ මේ වන විට එම වතුයායේ සුනඛයින් රැසක් සහ කුකුළන් රැසක් හදුන් දිවියන් විසින් රැගෙන ගොස් ඇති බවයි.

වතු නිවසක කූඩුවක නිදා සිටි සුනඛයෙකු හදුන් දිවියෙකු විසින් රැගෙන යන අයුරු එම නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.

වනජිවි නිළධාරින්ගෙන් එම වතුකම්කරුවන් ඉල්ලා සිටින්නේ එම වතුයායේ සැරිසරණ හදුන් දිවියන් රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන ලෙසයි.

Share This