හබරණ තලපත් කන්දේ ගින්නකින් අක්. 20 ක් වැනසේ

හබරණ තලපත් කන්දේ ගින්නකින් අක්. 20 ක් වැනසේ

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 20 කණුව තලපත් කන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා

මෙම ගින්න නිසා අක්කර විස්සක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ඊයේ රාත්‍රියේ සිට හබරණ පොලිසිය, හතරැස් කොටුව පොලිසිය, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතුකර තිබෙනවා.

පොලීසිය සැකපළ කරන්නේ වනයට ගිය දඩයක්කරුවන් මෙසේ ගිනි ඇවිලීම සිදුකරන බවයි.

ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර දෙකකට වැඩි ප්‍රමාණයක් වනාන්තරය තුළට වන්නට මෙම ගින්න හටගෙන ඇති බව හබරණ අඩවි වන නිලධාරිවරයා සඳහන් කළා.

 

Share This