
හබරණ – මින්නේරිය මාර්ගයේ ලොරි රථයක් පෙරළී අනතුරක්
අද උදෑසන හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාහත හමාර ප්‍රදේශයේදී මින්නේරිය මෝල් සංකීර්ණයේ සිට රොටව ප්‍රදේශයට දහයියා ප්‍රහානය කළ කැන්ටර් වර්ගය ලොරි රථයක් අනතුරට පත්වී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ මෙහි පිටුපස රෝදය කැඩී ගොස් මාර්ගය හරහා පෙරළී ඇති අතර ලොරිය සමඟ දහයියා උර පාර හරහා වැටී තිබූ බවයි.
එම නිසා හබරණ පොළොන්නරු ප්‍රධාන මාර්ගයේ රථ වහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පිටුපස දකුණු පසරෝදය කැඩී ගොස් ඇති අතර එම රෝදය මාර්ගයෙන් ඉවතට පැන වැටක ගැටී නැවතී තිබුණා.
පොලිසිය සඳහන් කළේ එම රෝදය සෝදිසි කර බැලීමේදී ටයරයේ කට්ට සියල්ලම ගෙවී ගොස් ඇති අතරින් මෙම ලොරිය ධාවනයට නුසුදුසු තත්ත්වයේ පත්වන ලොරියක් බවයි.
මෙහි දහයා මලු 300 කට ආසන්න ප්‍රමාණයක් අසුරා ප්‍රවාහනය කර ඇති අතර අධික බර පැටවීම මත අනතුර සිදුවන්නට ඇති ඇති බව මින්නේරිය පොලිසියේ නිලධාරියකු සඳහන් කළා.
ලොරි රථයේ ගමන් ගත්ත රියදුරා සුළු තුවාල ලබා ඇති අතරින් ලොරි රථය පෙරළි යාමෙන් මාර්ගයේ දකුණු පසට වන්නට ඇති බෝක්කුවක පැති බැම්මද කඩා ගෙන මාර්ගයේ මැද ලොරි රථය පෙරළී ගොස් තිබෙනවා.



