
හබරණ – මොරගස්වැව ගම්මානයට වන අලි කඩා වැදී ගෙවල් කඩයි
මින්නේරි ජාතික වනෝද්‍යානය මායිම්ව පිහිටා ඇති හබරණ, මොරගස්වැව ගම්මානයේ ජනතාව නිරන්තරයෙන්ම වන අලි තර්ජන නිසා දැඩි ලෙස පීඩාවට පත් වනවා.
වන අලි නිවාස වලට පහරදී නිවාස වල තිබෙන වී ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය කෑමට පුරුදුවීම නිසා නිවාස කඩා දැමීමට පුරුදුවී තිබෙනවා.
මේ පිළිබඳව වනජීවි නිලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් කිසිදු ප්‍රතිකර්මයක් මේ වන තෙක් ලැබී නැහැ.
තම දහඩිය මහන්සියෙන් ඉතාමත් දුක සේ සාදා ගන්නා නිවස එක රැයකින් වන අලි පහර දී විනාශ කිරීම නිසා ඒ පිළිබඳව මින්නේරිය වන ජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර සිටියත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ට එම ස්ථානවලට ළඟාවීමට අවශ්‍ය පහසුකම් නොමැති බවයි.
ගම්වාසීන් ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් සිදුවන මෙම හානි අවම කර ගැනීමට බලධාරීන්ගෙන් ඔවුන් කඩිනම් විසඳුම් අපේකශා කරන බවයි.

