හබරාදුව,බද්දේගම හා මිදිගම ඇතුළු දකුණු පළාතේ  “හෑෂ්” බෙදූ 7 කල්ලියක් අත් අඩංගුවට

හබරාදුව,බද්දේගම හා මිදිගම ඇතුළු දකුණු පළාතේ “හෑෂ්” බෙදූ 7 කල්ලියක් අත් අඩංගුවට

හබරාදුව,බද්දේගම හා මිදිගම ඇතුළු දකුණු පළාතේ බෙදා හැරීමට සූදානම් කළ හෑෂ් නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහයි ග්‍රෑම් 600 ක් සමග සැකපිට හත්දෙනෙකු අද (05) පස්වරුවේ මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය ාත් අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවර රැකියාව කරන පිරිසක් හා ධීවර රැකියාව මුවාවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙනැවිත් බෙදාහරිමින් සිටින ජාවාරම්කරුවන් පිළිබඳව මාතර හා හම්බන්තොට අපරාධ කොට්ඨාසට ලද පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

ධීවර ව්‍යාපාරිකයකු වන “මිදිගම රනා” නැමති අන්වර්ත නාමයෙන් හැදින්වෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.

පොලිස් පරික්ෂණ කණ්ඩායම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ තවත් පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳ ලබාදුන් තොරතුරු මත හබරාදුව,මිදිගම හා බද්දේගම ප්‍රදේශයන්හිදී අනෙකුත් හෑෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙම සැකකරුවන් වයස අවුරුදු 45ට අඩු විවාහකයන් බවත් ධීවර රැකියාව කරමින් කඩිනමින් මුදල් ඉපයීමට මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති තවත් තරුණ පිරිසක් මේ අතර සිටින බවත් පොලීසිය සඳහන් කරනවා.

පොලීසිය පැවසුවේ කාලයක් තිස්සේ බෙදාහැරීමේ ජාවාරමේ නිරත දෙදෙනකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවට තොරතුරු අණාවරණය කර ගැනිමට හැකි වූ බවයි.

සැකකරුවන් හෙට (06)දා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැදවුම් නියෝග ලබා ගැනීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිතයි.

 

 

Share This