
හම්බන්තොට වන අලි ප්‍රහාරයකින් 7 හැවිරිදි දැරියක් මරුට
හම්බන්තොට, සීනුක්කුගල ප්‍රදේශයේදී වල් අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඊයේ රාත්‍රියේ (02) කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ඇගේ පියා ද අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ජීවිතක්ෂයට පත් වයස් අවුරුදු 7 ක් වූ G.H. තිනුලි යෙහන්සා දැරිය හම්බන්තොට ප්‍රාථමික විදුහලේ 2 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබා තිබෙනවා.
වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ G.H සම්පත් ප්‍රභාෂ්වර නමැති 35 හැවිරිදි පියෙක්.