
හම්බන්තොට වන අලි මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක කරමින් ඊයේත් වන අලින් පිරිසක් රක්ෂිතයට එළවයි
හම්බන්තොට වන අලි මෙහෙයුම යටතේ පසුගිය 09 වනදා සවස සිට රාත්රී දක්වා සිදුකරන ලද මෙහෙයුමකින් වල්සපුගල ප්රදේශය දක්වා ගෙන ගිය සූරියවැව අඩි සීය මාර්ගයේ බුරුතන් කන්ද ප්රදේශයේ සිටි වන අලි තුන්දෙනෙකු ඇතුළු තවත් ස්ථාන කීපයක සිටි වන අලින් කීපදෙනෙකු ඊයේ (10) රාත්රී අධිවේගී මාර්ගයේ වල්සපුගල වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානය ආසන්න කැලෑ කොටසකට කොටු කිරීමට සමත්ව තිබෙනවා.
මෙම වන අලි , වන අලි කළමනාකරණ රක්ෂියට ඇතුළු කළහොත් හම්බන්තොට වන අලි මෙහෙයුම යටතේ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂියට ඇතුලු කරන ලද දෙවන වන අලි කණ්ඩායම වනවා.
වනජීවී නිලධාරීන් පැවසුවේ ඒ ආකාරයෙන් පසුගිය 07 දා රාත්රී පළමු වන අලි කණ්ඩායමේ වන අලින් 34 දෙනෙකු සාර්ථකව වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළු කිරීමට හැකිවූ බවයි.
එමෙන්ම 11 දිනටත් ක්රියාත්මක වන ගම් වැදී සිටින හම්බන්තොට වන අලි පලවා හැරීමේ මෙහෙයුම අද (11) දින සවස සිට අම්බලන්තොට, බැරගම, ගල්වැව, සියඹලා ගස්විල, හම්බන්තොට වරාය ආසන්න ප්රදේශයන් ඇතුළු ප්රදේශ තුළ ක්රියත්මක කිරීමට නියමිත බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.
ඔවුන් පවසන්නේ එම ප්රදේශවල සිටින වන අලි ද ඒ ආකාරයෙන්ම ක්රමානුකුලව වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළු කිරීමට මෙහෙයුම් ක්රියාත්මක කරන බවයි.




