හම්බන්තොට වරායේ රේගු භාරයේ තිබු BYD මෝටර් රථ 991 ක් මුදා හරී

හම්බන්තොට වරායේ රේගු භාරයේ තිබු BYD මෝටර් රථ 991 ක් මුදා හරී

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කළා.

පසුගිය 07 වනදා අභියාචන අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීමට රේගුව ඊයේ(10) සවස පියවර ගත්තා.

මෙසේ වාහන නිදහස් කරනු ලැබුවේ අදාල වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී. ජි. සමාගම ඉදිරිපත්කරනු ලැබූ පෙත්සමක් පසුගිය 07 වනදා සලකා බැලීමෙන් අනතුරුව අභියාචනා අධිකරණයේදී රේගුව එකඟතාවය පළකිරීමෙන් පසුවයි.

BYD මෝටර් රථ 991ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබුණේ රේගු බදු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මත‍යි.

 

Share This