
හම්බන්තොට වරායේ 2025 මෙහෙයුම් පරිමාව 151% කින් ඉහළට
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් පරිමාව 2025 සැප්තැම්බර් වනවිට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් ලෙස වාර්තා වනවා.
එය 2024 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ මෙට්‍රික් ටොන් මිලියන 2.39 ක පරිමාණයට සාපේක්ෂව සියයට 151 වර්ධනයක් පෙන්වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසනවා.
හම්බන්තොට වරාය පාලනාධිකාරිය පැවසුවේ, වරාය විසින් මෙම වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ දේශීය වාහන ආනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඇතිවූ තදබදය වැනි ව්‍යාපාරික අභියෝග රැසක් මධ්‍යයේ බවයි.
දේශීය වාහන ආනයන තහංචිය ඉවත් කිරීමෙන් අනතුරුව, නිශ්කාෂණ ප්‍රමාදයන් නිසා ඇතිවූ ඉඩ ඇහිරීම් සහ තදබද තත්ත්වයන් හේතුවෙන් අංගන අවකාශය , යන්ත්‍රෝපකරණ මෙන්ම වරායේ එදිනෙදා ක්‍රියාවලිය ද දැඩි ලෙස පීඩනයට ලක් වූ බව වරාය පාලනාධිකාරිය නිවේදනය කළා.